නමුත් බණ්ඩාරගේ කතාව ටිකක් වෙනස්ය. ඔහු අංගම්පොරවලට මාරුවීමේදී කොට සරමට එන්නට ඔහුට ටික කාලයක් ගත වී ඇත. එයට හේතුව වන්නේ ඔහු අද අංගම්පොරවලට හරවාගත් චීනඩි ශිල්පයේ නිශ්චිත ඇඳුම් ආයිත්තම් සම්බප්‍රදායක් නොමැති වීම විය යුතුය.
අද බණ්ඩාරගේ පින්තූරයක් දකින අයෙකුට ඉහත පින්තූරයේ සිටින්නේ බණ්ඩාරමදැයි පොඩි සැකයක් එනු නොඅනුමානය. නමුත් එය පැහැදිලි කර ගැනීමට අවශ්‍ය නම් ‘Angampora’ the local martial art needs to be revived නම් වන පුවත් පත් ලිපිය බැලීම යෝජනා කරමු. මේ බණ්ඩාරගේ මුල්ම කාලයයි. ඔහු එදා අංගම්පොරවල ඡටාවක් බඳින බව පමණක් දැන සිටි පව පෙනේ. එම නිසාමදෝ තමන් උගත් ටයිකොන්ඩෝ සටන් ශිල්පයේ ඇඳුමම පාට ටිකක් වෙසන් කොට එම පාටින්ම රෙද්දක් ඔළුවේ බැඳ ගැනීම සිදු කලේය.
බණ්ඩාර තවදුරටත් මෙම ටයිකොණ්ඩෝ ඇඳුම ගෝලයන්ට පමණක් අන්දවා තමන් ගුරුවරයා නිසා වෙනත් ඇඳුමක් සොයමින් සිට ඇති බව ඉහත පින්තූරයේ වම් පස සුදු උඩ කොටසක් සහිත ඇඳුමෙන් සැරසී සිටින බණ්ඩාරගේ පින්තූරය දැකීමෙන් පෙනී යයි. එයට ඔහුට උදව් වූයේද ෂාරුක් ඛාන්ය. එක් අතකින් බලන විට ෂාරුක් ඛාන්ද අංගම්පොර (චීනඩි) ප්‍රවර්ධනයට මහඟු සේවයක් කර
ඇති බව මොනවට පැහැදිලි වෙයි. අශෝක් චිත්‍රපටයේදී ෂාරුක් ඛාන් විසින් අඳින ලද මෙම පින්තූරයේ දැක්වෙන ඇඳුම හා බණ්ඩාර ඉහත පින්තූරයේ දකුණුපස කොටසේ සුරුට්ටුවාලුව රැගෙන යන රූප රාමුව දෙස මනාව බැලීමෙන් අප මේ කීමට උත්සාහ කරන කාරණය පොඩි එකෙකුට වුවද පැහැදිලි වනු ඇත. මන්ද කරුණාපාලට ඇඳුම් මසා ගැනීමටද මුල් කාලයේ පිටිවහලක් වූයේ ෂාරුක් ඛාන්ය. ඒ මේ ඛාන් මුසල්මානුවෙක් වීම නිසා විය යුතුය. තවමත් 100%ක් විනාශ නොවූ මහා පෞඩ සංස්කෘතියකට උරුමකම් කියන සිංහලයන්ගේ සටන් කලාවට ඉන්දියාවෙන් ඇඳුම් මසා ගැනීමට පුරුදු පුහුණු වූවා යයි සැලකෙන්නේ නම් එය ජාතියේ අවසානවක්ම විය යුතුය.

ඊයේ පෙරේදා බණ්ඩාරට තවත් ආකාරයට ඝන දෙවි නුවණක් පහළ වූයේ කරුණාපාලගේ ඇඳුම් විකාශනය ගැන අප කළ හෙළිදරව්වට පසුවය.
තමාට වැරදී ඇති බව තේරුම් ගත් බණ්ඩාර අප එහි දැක්වූ තොරතුරු ගොණුකරගෙන පැරණි කච්චියට සමානව යයි ඔහුට හිතෙන අඹුඩයක් වැනි යමක් මසා ගෙන එය ගෝලයන්ට අන්දවා බැලුවේය. කච්චිය දැක ඇති අපට නම් එය පිච්චියක්වත් වටින්නේ නැති වුවද බණ්ඩාරගේ ගෝලයන් නම් සිතා සිටින්නේ තමන් රාජසිංහගේ ගෝලයන් කියා විය යුතුය.
බණ්ඩාර කියනා පරිදි බණ්ඩාර මරුවල්ලියේ පාරම්පරික සටන් කරුවෙකි. බණ්ඩාරගේ බඩ දැකීමෙන්ම එය එසේ නොවේ යයි ප්‍රඥා ගෝචරව බලන කෙනෙකුට පෙනී ගියද ඉහත ආකාරයට කාලයෙන් කාලයට ඇඳුම් මාරු කිරීමට යාම එයට තවත් ප්‍රභල සාධකයක් වනවා නියතය. තමන් පාරම්පරික නම් පාරම්පරික ඇඳුම ඇඳීමට මෙපමණ කාලයක් ගතවූයේ ඇයිද යන්න ගැටලුවකි. සත්‍ය කුමක්දැයි තවදුරටත් මොළය තිබෙන අයෙකුට ඇන ඇන කිව යුතු නැත. මේ කරනුයේ බණ්ඩාර තමා නොදන්නා අංගම්පොරයක් තමා දන්නා බව හැඟවීමට තවදුරටත් උත්සාහ කිරීමක් පමණි.
වගීෂ බණ්ඩාර ගැන වැඩි විස්තර වගීෂ වික්‍රමවංශ බණ්ඩාර නම් අංගම් චෞරයා නම් ලිපියෙන් කියවන්න.
සාරාංශය

No comments:
Post a Comment
ඔබේ අදහස් ඉදිරිපත් කරන්න.
(සිංහල යුනිකෝඩ් භාවිතයෙන් පමණි)
(ඉංග්‍රීසියෙන්/සිංග්‍රීසියෙන් ලැබෙන කොමෙන්ටු ප්‍රසිද්ධ නොකෙරේ)