Sunday, January 19, 2014

වගීෂ බණ්ඩාර කලිසමෙන් සරමට මාරුවීමේ කලාව

බණ්ඩාර වැනි අංගම්පොර කරුවන් නිවැරදි අංගම්පොර ශිල්පීන්ද යන්න ඔප්පු කරවීමේදී ප්‍රධාන සාධකයක් වන්නේ ඔවුන්ගේ ඇඳුම් ආයිත්තම්ය. අංගම් ශාස්ත්‍රය යනු දේශීය සටන් කලාවක් වන අතර එය වසර දස දහස් ගණනක ඉතිහාසයට දිවයයි. එම ඉතිහාසය පුරාවටම අංගම් ශාස්ත්‍රය යම්යම් අවස්ථාවල දියුණු තියුණ කරන්නනට අප හෙළයා නොගත් උත්සාහයක් නැත. අතිශය දියුණු තාක්ෂණික ක්‍රමවේදයන් භාවිතා වන මෙම සටන් ශාස්ත්‍රයට නිශ්චිත ඇඳුම් ආයිත්තම් සම්ප්‍රදායක් නොමැතිවා යයි කාට  හෝ තර්ක කළ නොහැකිය. සටන් ශාස්ත්‍රය තුළ ආධුනිකයාගේ සිට අංගම් මුහන්දිරම් දක්වාද සටන් භූමියේදී සාමාන්‍ය හේවාකාරයාගේ සිට මොහොට්ටාලවරු හෝ ආරච්චිවරු දක්වා යුධ ඇඳුම් සම්බප්‍රදායක්ද අප සතුව පැවතිණ. ඒවායින් යුධ භූමියට අදාල ඇඳුම් ආයිත්තම් අද භාවිතා නොවුවද සටන් ශාස්ත්‍රය පුහුණු වීම් කරන හා සටන් ශාස්ත්‍රය සම්බන්ධ උත්සව අවස්ථාවලදී භාවිතා කරන සිංහල දිය කච්චිය වැනි ඇඳුම් ආයිත්තම් අදටත් නිවැරදි සටන් ශාස්ත්‍රය තුළ භාවිතා වෙයි.

නමුත් බණ්ඩාරගේ කතාව ටිකක් වෙනස්ය. ඔහු අංගම්පොරවලට මාරුවීමේදී කොට සරමට එන්නට ඔහුට ටික කාලයක් ගත වී ඇත. එයට හේතුව වන්නේ ඔහු අද අංගම්පොරවලට හරවාගත් චීනඩි ශිල්පයේ නිශ්චිත ඇඳුම් ආයිත්තම් සම්බප්‍රදායක් නොමැති වීම විය යුතුය.

අද බණ්ඩාරගේ පින්තූරයක් දකින අයෙකුට ඉහත පින්තූරයේ සිටින්නේ බණ්ඩාරමදැයි පොඩි සැකයක් එනු නොඅනුමානය. නමුත් එය පැහැදිලි කර ගැනීමට අවශ්‍ය නම් ‘Angampora’ the local martial art needs to be revived නම් වන පුවත් පත් ලිපිය බැලීම යෝජනා කරමු. මේ බණ්ඩාරගේ මුල්ම කාලයයි. ඔහු එදා අංගම්පොරවල ඡටාවක් බඳින බව පමණක් දැන සිටි පව පෙනේ. එම නිසාමදෝ තමන් උගත් ටයිකොන්ඩෝ සටන් ශිල්පයේ ඇඳුමම පාට ටිකක් වෙසන් කොට එම පාටින්ම රෙද්දක් ඔළුවේ බැඳ ගැනීම සිදු කලේය.


බණ්ඩාර තවදුරටත් මෙම ටයිකොණ්ඩෝ ඇඳුම ගෝලයන්ට පමණක් අන්දවා තමන් ගුරුවරයා නිසා වෙනත් ඇඳුමක් සොයමින් සිට ඇති බව ඉහත පින්තූරයේ වම් පස සුදු උඩ කොටසක් සහිත ඇඳුමෙන් සැරසී සිටින බණ්ඩාරගේ පින්තූරය දැකීමෙන් පෙනී යයි. එයට ඔහුට උදව් වූයේද ෂාරුක් ඛාන්ය. එක් අතකින් බලන විට ෂාරුක් ඛාන්ද අංගම්පොර (චීනඩි) ප්‍රවර්ධනයට මහඟු සේවයක් කර
ඇති බව මොනවට පැහැදිලි වෙයි. අශෝක් චිත්‍රපටයේදී ෂාරුක් ඛාන් විසින් අඳින ලද මෙම පින්තූරයේ දැක්වෙන ඇඳුම හා බණ්ඩාර ඉහත පින්තූරයේ දකුණුපස කොටසේ සුරුට්ටුවාලුව රැගෙන යන රූප රාමුව දෙස මනාව බැලීමෙන් අප මේ කීමට උත්සාහ කරන කාරණය පොඩි එකෙකුට වුවද පැහැදිලි වනු ඇත. මන්ද කරුණාපාලට ඇඳුම් මසා ගැනීමටද මුල් කාලයේ පිටිවහලක් වූයේ ෂාරුක් ඛාන්ය.  ඒ මේ ඛාන් මුසල්මානුවෙක් වීම නිසා විය යුතුය.  තවමත් 100%ක් විනාශ නොවූ මහා පෞඩ සංස්කෘතියකට උරුමකම් කියන සිංහලයන්ගේ සටන් කලාවට ඉන්දියාවෙන් ඇඳුම් මසා ගැනීමට පුරුදු පුහුණු වූවා යයි සැලකෙන්නේ නම් එය ජාතියේ අවසානවක්ම විය යුතුය.


මේ ආකාරයට ඇඳුම් මාරු කරමින් පැමිණි බණ්ඩාරට ඊයේ පෙරේදා තේරුම් ගියේ මේ එකක් වත් අපේ පැරණි ශාස්ත්‍රය තුළ භාවිත වූ සටන් ඇඳුම් නොවන බවයි. එහි ප්‍රතිභලයක් ලෙස නිවැරදි මිනුම් දඬු නොදැන වුවද සටන් පුහුණු වීමට භාවිතා කරන ඇඳුමට ආසන්නව යන කොට සරමක් තම ගෝලයන්ට මසා දී තමන් වේට්ටියක් ඇඳීමට පුරුදු විය. එහි ප්‍රතිභලය වූයේ ටයිකොණ්ඩෝ ඇඳුමින් වසාගෙන සිටි බණ්ඩාරගේ ජොහොර ශරීරය ජනකාය දැක ගැනීම පමණි. කපුවෙකු මෙන් පටි කිහිපයක් ඉණ බැඳ සිටින ඉහත පින්තූරයේ සැබෑ සටන් උරුව තිබේ යයි කාට හෝ හැඟේ නම් ඒ සැබෑ සටන් උරුව යනු කුමක්දැයි නොදැන සිටීමේ අභාග්‍ය මිස අන් කිසිවක් නම් නොවේ.


ඊයේ පෙරේදා බණ්ඩාරට තවත් ආකාරයට ඝන දෙවි නුවණක් පහළ වූයේ කරුණාපාලගේ ඇඳුම් විකාශනය ගැන අප කළ හෙළිදරව්වට පසුවය.
තමාට වැරදී ඇති බව තේරුම් ගත් බණ්ඩාර අප එහි දැක්වූ තොරතුරු ගොණුකරගෙන පැරණි කච්චියට සමානව යයි ඔහුට හිතෙන අඹුඩයක් වැනි යමක් මසා ගෙන එය ගෝලයන්ට අන්දවා බැලුවේය. කච්චිය දැක ඇති අපට නම් එය පිච්චියක්වත් වටින්නේ නැති වුවද බණ්ඩාරගේ ගෝලයන් නම් සිතා සිටින්නේ තමන් රාජසිංහගේ ගෝලයන් කියා විය යුතුය.

සාරාංශය


බණ්ඩාර කියනා පරිදි බණ්ඩාර මරුවල්ලියේ පාරම්පරික සටන් කරුවෙකි. බණ්ඩාරගේ බඩ දැකීමෙන්ම එය එසේ නොවේ යයි ප්‍රඥා ගෝචරව බලන කෙනෙකුට පෙනී ගියද ඉහත ආකාරයට කාලයෙන් කාලයට ඇඳුම් මාරු කිරීමට යාම එයට තවත් ප්‍රභල සාධකයක් වනවා නියතය. තමන් පාරම්පරික නම් පාරම්පරික ඇඳුම ඇඳීමට මෙපමණ කාලයක් ගතවූයේ ඇයිද යන්න ගැටලුවකි. සත්‍ය කුමක්දැයි තවදුරටත් මොළය තිබෙන අයෙකුට ඇන ඇන කිව යුතු නැත. මේ කරනුයේ බණ්ඩාර තමා නොදන්නා අංගම්පොරයක් තමා දන්නා බව හැඟවීමට තවදුරටත් උත්සාහ කිරීමක් පමණි.

වගීෂ බණ්ඩාර ගැන වැඩි විස්තර වගීෂ වික්‍රමවංශ බණ්ඩාර නම් අංගම් චෞරයා නම් ලිපියෙන් කියවන්න.