ලංකාවේ දැනට බිහිවී සිටින අංගම් චෞරයන්ගෙන් වඩාත්ම කැපී පෙනෙන විකටයා වීමේ වරම් ලද ජයග්‍රාහකයා වන්නේ ගිනිඅලුගේ කරුණාපාල වීම නොකිවමනාය. අපූරු ගැටබෙරයකින් ද අපූරු ආයුධයකින්ද සැදුම්ලත් මොහු අභියෝග කරන්නේ ද අපූරු ආකාරයකට ය. කෙසේ වෙතත් අද වන විට තමන්ගේ පරණ ගෝල බාලයින් තමා අත්හැර ගොස් අන් අය සමඟ ගිවිසුම් ගසා ගන්නා අවාසනාවන්ත මට්ටමකට පත්ව සිටින ජී. කරුණාපාලට කුහුඹු පැණියාගේ තීන්දුවක් වත් දීමට කවුරුත් නැති වී තිබේ.
එය එසේ වුව ද, හැට පිරුණත් වඳුරා බිම නොයයි කීවාසේ පාහරකම උපතින්ම උරුම කර ගත් තක්කඩියන්ට තමන්ගේ මරණ මඤ්චකයේදී පවා තක්කඩිකම අත්හැරිය නොහැකි ය. මෑත කාලයේ කරුණාපාලගේ වෙබ් අඩවියේ යොදා තිබූ පින්තූර සමූහයක් දුටු අපට මෙම ලිපිය ලිවීම තවදුරටත් ප්‍රමාද නොකළ යුතු බව හැඟී ගියේ හරකා පොල් පැළයට හැටී පොල්පැලය කමින් සිටින නිසාවෙන් යයි කිව යුතු ය.
ඉහත පිංතූර දකින අයෙකුට කරුණාපාල යනු සාම්ප්‍රදායික සටන් ශිල්පියෙකු බව හැඟී යනු ඇත්තේ ඔහු භාවිතා ඇති කොට සරම හා කාන්තා සටන් ඇඳුමට ආසන්නව යන නැට්ටුවන්ගේ ජේතිය හා හැට්ටය නිසාවෙනි. ලංකාවේ සාම්ප්‍රදායික ඉතිහාසය දන්නා කෙනෙකුගේ මානසිකත්වයෙන් එය එසේ වුවද කරුණාපාලයේ ඇඳුම් සම්ප්‍රදායේ ඉතිහාසය දන්නා කෙනෙකුට නම් දැනෙන්නේ දැඩි පිළිකුල් සහගත සංවේගයකි. නමුත් මේ දෙවැනි පිරිස ලංකාවේ හීන බැවින් පළමුවැනි පිරිසට දෙවැනි පිරිසේ අවබෝධය ලබා දෙනු වස් පහතින් කරුණාපාලගේ ඇඳුම් ආයිත්තම් විකාශනය දක්වමු.
කරුණාපාලගේ ඇඳුම් ආයිත්තම් විකාශනය
“චීන අඩි සමග දුර්ලභ ගනයේ සටන් ක්‍රමයක් වන පොලු සටන්ද මෙම පාථමාලාවට අයත් වේ“ යනුවෙන් මුද්‍රිත අත් පත්‍රිකා බෙදා හරිමින් ධර්ම නිකේතන ශාලාව, 42, නාවල - කොස්වත්ත යන ස්ථානයේ සහ බොරැල්ල වයි. එම්. බී. ඒ. ශාලාවේ අසූව දශකයේ සිට පන්ති පැවැත්වූ කරුණාපාල යනු නිශ්චිත නිල ඇඳුමක් රහිත නොදියුණු සටන් ක්‍රමයක් වන චීනඩි හා පොලු සටන් (සිලම්බරම්) ඉගැන්වූ සුප්‍රසිද්ධ චීනඩි ගුරුවරයෙකි.
තුසිත ආත්මාරක්ෂ සංගමය නමින් එදා චීනඩි ඉගැන්වූ අද අංගම්පොර නමින් චීනඩි උගන්වන මෙම චෞරයා එදා කලිසමක් ඇඳගෙන ගත් පින්තූර තුළ නිශ්චිත නිල ඇඳුමක් දක්නට නොලැබේ. එදා චීනඩි සටන් ද ඉදිරිපත් කළ මේ චෞරයා අද අංගම්පොර නමින් මගඩියක් ඉදිරිපත් කළ ද එදා අංගම්පොර යන වචනය වත් නොදැන සිටියා විය යුතු ය.
2. නිල ඇඳුම් නිර්මාණය කර ගැනීමට පෙර යුගය
කරුණාපාල විසින් නිල ඇඳුම් සාදා ගැනීමට ප්‍රථම කලිසම්, බොටම් හා ටී සර්ට් හැඳගෙන කරන ලද අංගම් නම භාවිතා කළ චීනඩි ඉරියව්.
මෙහි වම් පස පින්තූරය සන්දර්ශනයක් තුළදී ආයුධ තබාගෙන ගන්නා ලද පින්තූරයකි. මේ පිරිස අතර අද කරුණාපාලව අත් හැර ගිය සහ ඔහු අංගං නොදන්නා බව ප්‍රකාශ කරන තිදෙනෙකි.
කරුණාපාලලා අංගම්පොර නම භාවිතා කිරීමට ආරම්භ කළ කාලයේ ලංකාවේ ප්‍රස්ද්ධව පැවති කුන්ග් ෆූ සටන් කලාවේ නිල ඇඳුමට සමාන ඇඳුම මෙයයි.
මෙය කරුණාපාලගේ පළමු නිල ඇඳුමයි. මේ තුළ කිසිඳු දේශීය උරුවක් නොමැති අතර දිග කලිසම හා සර්ට් එකක් පමණක් ඇත. කුඩා ප්‍රමාණයේ ඉණ පටියක් ඇත. මෙහි පිටුපස ඇති බැනරයේ දක්වා ඇත්තේ ‘ජාතික අංගම් ශිල්ප කලා සම්මේලනය‘ කියා ය. එනම් කරුණාපාල ඇතුළු චීනඩි හා මලයාලම් සටන් ශිල්පීන් කිහිප දෙනෙක් එකතු ඇති කර ගත් ලංකාවේ පළමුවෙන්ම අංගම් නම භාවිතා කළ සටන් කලා සම්මේලනයයි. මෙහි මූලිකත්වය දැරූයේ සිරි කොතලාවල ය. එදා චීනඩි කරුණාපාලව අංගම් කරුණාපාල බවට පත් කළ සිරි කොතලාවල අද කරුණාපාලට උදව් කරන්නේ නැත. මෙයට අමතරව කරුණාපාල අංගං දොන්නා බවද අද කොතලාවලම කයයි.
4. පැරණි සටන් ඇඳුමක උරුවකට මසා නිමකළ හැට්ටය හා සරුවාලය
නිශ්චිත යාර ගණනක රෙද්දකින් සැකසූ පැරණි කච්චියක උරුවට මසා නිමකළ ඇඳුමකි. පැරණි සටන් චිත්‍ර අධ්‍යයනය කොට මෙය සකසා ඇත. කෙසේ වෙතත් මෙය වඩාත්ම සමීප වන්නේ ඉන්දියානු සරුවාලය වැන්නකට ය. ඇඳුමේ උඩ හැට්ටය කිසිදු දේශීය ඇඳුමක උරුවකට මසා නැත.
කකුළක් එසවීමට පවා අපහසු මට්ටමකින් අසාර්ථකව නිමකොට ඇති බව බැලූ බැල්මට පෙනී යයි. මෙම ඇඳුම අදටත් ජ්‍යේෂ්ඨ යයි කියා ගන්නා සාමාජිකයින් විසින් භාවිතා කරනු දක්නට ලැබේ. අද ඔවුන් මෙය පනික්කි ඇඳුමක් ලෙස භාවිතා කරනවා විය යුතු ය. කෙසේ වෙතත් මසා නිම කළ යට ඇඳුම් අංගම් ශාස්ත්‍රය තුළ භාවිතා නොවන බව කරුණාපාල නොදන්නවා විය යුතු ය. මහා උජාරුවකින් ඇඳ සිටියද අහසට පැන ගසන පය පහරක් ගැසුවහොත් දෙකට පැලී සටන් කරුවාගේ විලිසංගය පෙනෙනවා ඇත. කෙසේවුවත් මොවුන්ට නම් එය ගැටලුවක් නොවේ. මන්ද අඩි 2 - 3කට වඩා උඩ පැන කරන සටන් ඉරියව් ඔවුන් සතුව නොමැති නිසාවෙනි. පාදය ඉනෙක් ඉහළට ඔසවා පහර දීමක් අංගම්පොරවල නැතැයි එදා කරුණාපාල කීවේ මේ ඇඳුම ඇඳ එය කළ නොහැකි නිසා විය යුතු ය.
5. ශිෂ්‍යයින් සඳහා සෑදූ ඉන්දියානු උරුවක් සහිත ඇඳුම
මෙහි දකුණු පස ඇත්තේ එම චිත්‍රපටයේ සින්දුවකි. එහි නළුවාගේ ඇඳුම හා කරුණාපාලගේ මෙම නිල ඇඳුම සසඳා බලන්න.
කරුණාපාලගේ චීනඩි වලට ඉන්දියානු උරුවක් ඇති බව පසක් කිරීමට දෝ කරුණාපාල මෙය සකස් කළද මෙහි ඇති හැඩය හා පාට ලංකාවේ සංස්කෘතිකාංගවලට කිසිසේත්ම සමානකමක් නොදක්වන බව අමුතුවෙන් කිව යුතු නොවේ.
කෙසේ වෙතත් මෑත කාලය වන තෙක්ම කරුණාපාල තම නවකයින්ට ඇන්ඳුවේ මෙම සරුවාලයයි. රිතික් රොෂාන්ගේ කරේ ඇති සාටකය ඉවත් කලා නම් කරුණාපාලගේ ගෝලයෙකු ලෙස පෙනීම වැලැක්විය නොහැකි ය. ලංකාවේ අංගම් ශාස්ත්‍රය සතු ඉරියව් හා ඇඳුම් පිටපත් කිරීම පටන් ගන්නට පෙර කරුණාපාල ඉන්දියාව පිටපත් කොට පෙර පුහුණුවක් ලබා ඇති බව පෙනී යයි.
6. ක්‍රමයෙන් උඩුකය නිරුවත් වන ජ්‍යේෂ්ඨයින්ගේ සටන් නිල ඇඳුම
කරුණාපාලගේ ඇඳුම් විකාශනයේ නවතම පිටුවක් පෙරලීම මෙසේ ආරම්භ විය. පැරණි සටන් කැටයම් හා පැරණි සටන් චිත්‍ර අධ්‍යයනය කොට බලන කරුණාපාලට සත්‍ය වැටහුණ අවස්ථාව මෙයයි.
හරකා පොල් පැලයට හැරෙන්නට පටන් ගන්නේ මෙතනදී ය. උඩුකය හැට්ටය ගලවන කරුණාපාල හෙළ සටන් කරුවන්ගේ පෙනුම ලබා ගැනීමට ගත් පළමු අසාර්ථක උත්සාහය මෙයයි. කෙසේ වෙතත් කරුණාපාලගේ හරි අපූරු ආයුධය වන වේලායුධය භාවිතා කරන විට දී නම් මෙකල පවා උඩ හැට්ටය ඇඳ ගැනීමට ඔහු අමතක නොකළේ තමන්ගේ ඇඟ නොකැපෙන පරිදි සටන් කිරීමට බැරි නිසා ය.
7. ශිෂ්‍යයන් සඳහා සැකසූ ඉන්දියානු උරුවක් සහිත නිල ඇඳුමේද උඩුකය නිරුවත් වී...
ඉහත අංක 5 දී දක්වන ලද ඉන්දියානු චිත්‍රපටයක් බලා සකස් කරන ලද ශිෂ්‍යයින්ගේ නිල ඇඳුමේද උඩුකය නිරුවත් වීමට පටන් ගනී. මේතාක් ඇඳි උඩුකය හැට්ටය නැවතත් රිතික් රොෂාන්ටම දුන්නා විය යුතු ය.
මේ කරුණාපාලයේ ශිෂ්‍ය ඇඳුමේ සාම්පදායික විකාශනය ආරම්භයයි. උඩු කය නිරුවත් වූ පසු චීනඩි අංගම්පොර වනවා යයි කරුණාපාල සිතා සිටියාට සැක නැත. කෙසේ වෙතත් විකාශනයේ නිමාව මෙය නම් නොවේ.
8. මූසිල සුදු කොටියාට අමතක වූ කරුණාපාලගේ ගුරුහරුකම්
සාමාන්‍ය ලෙස ගත් කළ ගෝලයාට ඉගැන්වීමට පනික්කි පට්ටමක් දුන් විට ගෝලයා අනුගමනය කළ යුත්තේ ගුරුවරයා භාවිතා කරන සටන් ඇඳුම් ය. එය ඕනෑම සටන් ක්‍රමයකට පොදු ය. නමුත් කරුණාපාලට නොතේරුණ දේශීය සටන් ශිල්පීන්ගේ උරුව මේ පර සුද්දාට හැඟී ගොස් ඇතිවා සේ ය.
ජාත්‍යාන්තර අංගම්පොර පන්ති පවත්වන මේ චෞරයාද තමන්ගේ ගුරා නිවැරදි ශිල්පියෙකු නොවන බවත් තමන් උගත්තේ අංගම්පොර නමින් වෙනත් සටන් ක්‍රමයක් බවත් පසක් කරගෙන සිටිනවා විය යුතු ය. කෙසේ වෙතත් මුන්ට අපේ කම විකුණාගෙන කෑමේ හැඟීමක් මිස අපේ කම ගැන හැඟීමක් නොමැති නිසාවෙන්ම තමන්ගේ චෞර ගුරාටද හොරෙන් වේට්ටියක් වැනි යමකට බැස ඇතිවා පෙනේ.
9. අංගම්පොර යන නම ඇඳුම්වල මුද්‍රණය කොට විකිණීමේ ව්‍යාපාරය
කරුණාපාල විසින් අංගම් ශාස්ත්‍රය තුළ ඇති සමාජ ගෞරවය භාවිතා කරමින් එම උත්තරීතර ශාස්ත්‍රයේ වටිනාකම් විකුණන බවට ඇති ප්‍රධානතම සාධකය වන්නේ මෙයයි. අංගම් ශාස්ත්‍රයේ නමින් සංකේත නිර්මාණය කරගෙන ටී සර්ට් හා සර්ට් මසා ඒවාට එම සංකේත මුද්‍රණය කොට විකිණීම කාට නම් අනුමත කළ හැකි ද?
අංගම් ශාස්ත්‍රය නොදන්නා උන්ට අංගම් ශාස්ත්‍රය ගැන කිසිඳු ගෞරවයක් නොමැති බව මෙයින් මනාවට පසක් වන අතර මෙවන් උන් උලතැබීමට රාජ්‍ය නීතිය හා රාජ්‍ය බලය හෙළයන්ට නොමැති වීම මේ කලියුගයේ අප කර ඇති පාපකර්මයයි.
10. කරුණාපාල අවසාන වශයෙන් පිටපත් කරන ලද සාම්ප්‍රදායික සටන් ශිල්පීන්ගේ ඇඳුම්වලට සමීපයෙන් යන ඇඳුම් ආයිත්තම්.
මේවාට කියන්නේ ‘රජ වුණත් බල්ලා කයි සෙරෙප්පු අල්ලා‘ කියා ය. කරුණාපාලලා සිතා සිටින්නේ අංගම්පොර ඇඳුමක් ඇඳගත් පසු චීනඩි අංගම්පොර වනවා කියා විය යුතු ය. කරුණාපාලගේ චීනඩි කෙදිනකවත් අංගම්පොර වන්නේ නැත. අංගම්පොර ඇඳුමක් ඇන්දද චීනඩි චීනඩිම ය. කොපමණ උත්සාහ කළත් ඔවුන්ට සිංහල උරුව පැමිණ නැති බව ඉහත පින්තූරයේ සිටින අලුගෝසුවන්ගේ පෞර්ෂය දෙස බැලූ විට වඩා හොඳින් අවබෝධ වේ.
අද කරුණාපාල කර ඇත්තේ ද මහජනයා මෝඩයා කොට තමන්ගේ පිටපත් කිරීමේ කලාව උපරිමයෙන් යොදාගෙන දේශීය සංස්කෘතිකාංගයක නම විකුණමින් තමන්ගේ බඩ වඩා ගැනීමයි. මේවාට මේ රටේ මැති ඇමතිවරු යයි කියා ගන්නා මීහරක්ද උදව් කිරීම දේශයේ අවසානවා විනා අනෙකක් නොවේ. අවසාන වශයෙන් කිව යුත්තේ උඹලා තව තව පිටපත් කරපල්ලා. අපි බොහෝම සීරුවෙන් ඒවා දිහා බලාගෙන ඉන්නේ. සමාජයට උඹලා හංගන්න උත්සාහ කරන උඹලාගේ චීනඩි ඉතිහාසය සම්බන්ධ තවතවත් තොරතුරු ඉදිරියටත් අපි ඉදිරිපත් කරමු. දැන් දැන් කරුණාපාලලා යන්නේ හොම්බෙන්ය. අපි සියල්ල හෙළි කළ දාට උඹලාට යන්නට හොම්බක් වත් ඉතිරිවේදැයි යන්න සැක සහිත ය. කෙසේ වෙතත් මොනවා පිටපත් කළත් උඹලා නොදන්නා එක දෙයක් ඇත. ඒ අංගම් ශාස්ත්‍රයයි.
කරුණාපාල නම් අංගම් චෞරයා ගැන වැඩි විස්තර කරුණාපාල නම් චීනඩි ගුරුවරයා නම් ලිපියෙන් කියවන්න.